රජයේ ප්‍රමිතියට යුතු සහල් අපි දෙන්නම් - මෝල් හිමියන් කියයි

Report

කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් පවසන්නේ, රජය අපේක්ෂා කරන ප්‍රමිතියෙන් යුතු සහල් ලබාදීමට තමන්ට හැකියාව ඇති බවයි.

ශ්‍රී ලංකාවේ සහල් වෙළඳපොළ තුළ බොහෝ අවස්ථාවලදී අර්බුදකාරී තත්ත්වයන් ඇති වී ඇති අතර, දේශීය වී අස්වැන්න ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සහල් ගැටලුව යළි උත්සන්න වෙමින් පවතී. සහල් නිෂ්පාදකයින් පවසන පරිදි, පසුගිය වසරේ නාඩු සහල් හිඟය හේතුවෙන් සහල් ආනයනයට කිහිප වතාවක් පියවර ගත් අතර, මේ වන විට කීරි සම්බා සහල් අර්බුදයක් යළි මතුවෙමින් තිබේ.

ආර්ථික අර්බුදයක අවදානමක් - ස්වාධීන කණ්ඩායමක් අනතුරු අඟවයි

ආර්ථික අර්බුදයක අවදානමක් - ස්වාධීන කණ්ඩායමක් අනතුරු අඟවයි

වෙළඳපොළේ සහල් ඒකාධිකාරය පාලනය කිරීමේ පියවරක් ලෙස නව රජය වී තොග රැස්කිරීම ආරම්භ කර ඇති අතර, මෙවර යළ කන්නයේ අස්වැන්නෙන් වී මෙට්‍රික් ටොන් 50,000ක තොගයක් රජය විසින් රැස්කර ඇත. මෙම තොග රැස්කිරීම තුළින් වෙළඳපොළේ සහල් මිල ඉහළ යාම පාලනය කිරීමට රජය බලාපොරොත්තු වන බවද වාර්තා වේ.

කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් අවධාරණය කරන්නේ, ඔවුන්ට රජයේ ප්‍රමිතිවලට ගැලපෙන උසස් තත්ත්වයේ සහල් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති බවත්, රජයේ මැදිහත්වීම තුළින් සහල් වෙළඳපොළේ ස්ථාවරත්වය තහවුරු කිරීමට තමන් ලබාදිය හැකි දායකත්වය ඉහළ මට්ටමක පවතින බවත්ය.  

නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම්

නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම්