Filmfare Awards 2025හි ආලියා බාත් හොඳම නිළිය ලෙස සම්මාන ලබයි
බොලිවුඩයේ ප්‍රමුඛතම සිනමා සම්මාන උළෙල වන 70 වැනි Filmfare Awards 2025 ඉන්දියාවේ අහමදාබාද් හිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. බොලිවුඩ් සුපිරි තරු, චිත්‍රපට නිෂ්පාදකවරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු සිනමා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු මෙම උළෙලට එක්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
මෙවර හොඳම චිත්‍රපටය ලෙස 'Laapataa Ladies' චිත්‍රපටය සම්මානයට පාත්‍ර වූ අතර, එහි අධ්‍යක්ෂිකා 'කිරන් රාඕ' හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මානය හිමිකර ගත්තාය.
හොඳම නළුවා සඳහා සම සම්මානය අභිෂේක් බච්චන් ('I Want To Talk') සහ කාර්තික් ආර්යන් ('Chandu Champion') යන දෙදෙනාට හිමි විය.
හොඳම නිළිය සඳහා වන සම්මානය ආලියා බාත් හිමිකර ගත්තේ, 'Jigra' චිත්‍රපටයේ ඇගේ රංගනය වෙනුවෙනි.
මෙම උළෙල 2024 වසරේ බොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම දායකත්වයන් ඇගයීමට ලක්වූ අවස්ථාවක් වූ අතර, ඉන්දියානු සිනමාවේ ඉදිරිගමනට මනා පිටුබලයක් ලබාදුන් බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.