නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම්
ගල්කිස්ස ආධිකරණයේදී පොලිස් නිලධාරියකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ නිවෙසට පොලිස් කණ්ඩායමක් ගොස් ඇතත්, ඔහු එහි නොසිටි නිසා අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව වාර්තා වේ.
ඔහුට එරෙහිව හෙට (13) අධිකරණයට කරුණු දක්වන බවද පොලිසිය පවසයි. අද (12) ඔහු ගල්කිස්ස මූලස්ථාන පොලිසියට කැඳවා තිබුණත්, ඔහු පැමිණ නොතිබිණි.
අදාළ සිදුවීමට සම්බන්ධ CCTV දර්ශන සහ අනෙකුත් සාක්ෂි පරීක්ෂා කිරීමෙන් පසු, ඔහුගේ හැසිරීම පිළිබඳ විමර්ශනයකින් ඔප්පු වී ඇත්තේ, පොලිස් රාජකාරිතුලට සාපරාධී බලහත්කාරය යෙදීම, සාපරාධී බියගැන්වීම සහ බැනවීම්/තර්ජන යන චෝදනා ඔප්පුවීමට පොලිසිය සූදානම්ව සිටින බවයි.