ආර්ථික අර්බුදයක අවදානමක් - ස්වාධීන කණ්ඩායමක් අනතුරු අඟවයි

Report

පසුගිය දරුණු ආර්ථික අර්බුදවලින් මිදී ස්ථාවර වෙමින් පවතින ශ්‍රී ලංකා ආර්ථිකය නැවත අර්බුදයකට ඇද වැටෙන සැලකිය යුතු අවදානමක තිබෙන බව ස්වාධීන අධ්‍යයන කණ්ඩායමක වාර්තාවක් අනතුරු අඟවයි.

“ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ආර්ථික වර්ධනය තිරසාර කිරීම 2025-2030” මැයෙන් ODI Global සහ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ අනුග්‍රහය යටතේ සකස් කළ මෙම වාර්තාව, ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයක සිටින බව පෙන්වා දෙයි. මෙකී අවදානම් හමුවේ දැනට අත්කරගන්නා ආර්ථික ස්ථායිතාව දිගුකාලීනව පවත්වාගෙන යාමට රාජ්‍ය ධාරිතාව පිළිබඳ විශේෂ අවධානයක් සහිතව ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කළ යුතු බවත් එහි නිර්දේශ වේ.

"දැන් ආණ්ඩුවටම තේරිලා.. බය හිතලා.. ආරක්ෂාව ඉවත් කර යළි ලබාදීමේ තීරණය මට ප්‍රශ්නයක්" - මහින්ද

"දැන් ආණ්ඩුවටම තේරිලා.. බය හිතලා.. ආරක්ෂාව ඉවත් කර යළි ලබාදීමේ තීරණය මට ප්‍රශ්නයක්" - මහින්ද

හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහ බැංකුවේ වත්මන් සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිනි ඉවට් ප්‍රනාන්දු, කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය සිරිමල් අබේරත්න ඇතුළු කණ්ඩායම මෙම වාර්තාව සකසා ඇත.

වාර්තාවේ සඳහන් පරිදි, 2024දී ජනගහනයෙන් සියයට 25ක් (හතරෙන් එකක්) දරිද්‍රතා තුළ සිටින අතර, එය 2021ට සාපේක්ෂව දෙගුණයකින් වැඩි වී ඇත. ආර්ථික අර්බුදය හේතුවෙන් දරිද්‍රතා අඩුකිරීමේ ජයග්‍රහණ ආපසු හැරවී, 2000 දශකයේ මුල් භාගයේ මට්ටම්වලට ආපසු ගොස් ඇති බව එහි දැක්වේ.

මේ වසරේදී වතු කම්කරුවන්ට රු. 1,750 දෛනික වැටුපක් - ජනාධිපතිගෙන් පොරොන්දුවක්

මේ වසරේදී වතු කම්කරුවන්ට රු. 1,750 දෛනික වැටුපක් - ජනාධිපතිගෙන් පොරොන්දුවක්

වේදනාකාරී ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සහ ඉහළ යන දරිද්‍රතාව වළක්වාගැනීමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව වාර්තාව අවධාරණය කරයි. වෙළඳ යුද්ධ සහ ගෝලීය ආර්ථික අඳුරු තත්ත්වයන් යටතේ ණය පීඩනයෙන් පෙළෙන ශ්‍රී ලංකාවට එමඟින් දැඩි බලපෑමක් ඇතිවිය හැකි බවත්, IMF ගේ හොඳම තත්ත්වයන් යටතේ වර්ධනය සියයට 3කට සීමා විය හැකි අතර, ප්‍රතිසංස්කරණ නොකළහොත් එයට වඩා පහළ මට්ටමකට ඇදවැටිය හැකි බවත් එහි අනතුරු ඇඟවී ඇත.

2023 ආරම්භ වූ IMF වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් වත්මන් රජයට ගෞරවය හිමිවිය යුතු බවත්, එය අත්‍යවශ්‍ය ප්‍රතිපත්ති අනුකූලතාව සඳහා පදනමක් සපයන බවත් වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

රටට සල්ලි නැතිවෙන එක අහන්නත් දෙයක්ද ? මිලියන ගාණක හිග මුදල්

රටට සල්ලි නැතිවෙන එක අහන්නත් දෙයක්ද ? මිලියන ගාණක හිග මුදල්