රටේ බොහෝ ප්‍රදේශවලට අද තරමක තද වැසි
අද (12) දිනයේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් වින් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු පළාතේ ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ලැබෙනු ඇත.
ඌව, මාතලේ, කුරුණෑගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලද වැසි වාර කිහිපයක් ඇති වේ.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලද පස්වරු 1.00ට පමණ පසුව තැනි තැනක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තද වැසි ලැබෙනු ඇත.
සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේ මීදුම් තත්ත්වයක් ද ඇති විය හැක.