ලාෆ් ගෑස් ප්‍රශ්ණය උඩුදුවයි - ලාෆ් සමාගම පාරිභෝගිකයන්ට ගෑස් සැපයීමට අපොහොසත් වීමේ නඩුවට වුන දේ මෙන්න

Report

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න විසින් පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමට (LAUGFS Gas PLC) එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පැවරූ නඩුව ලබන දෙසැම්බර් 15 වැනිදා යළි කැදවීමට අද (11) නියෝග කළේය.

අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් ලාෆ් ගෑස් සමාගමට සිතාසි පෙර නඩු දිනයේ දී නිකුත් කර තිබුන අතර අදාළ නඩුව වෙනුවෙන් එම සමාගමේ නිළධාරීන් අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ලබන 15 වැනිදා සිට මුළු දිවයිනටම බලපාන පරිදි අනතුරු ඇඟවීමක් - අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වෙන්න

ලබන 15 වැනිදා සිට මුළු දිවයිනටම බලපාන පරිදි අනතුරු ඇඟවීමක් - අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වෙන්න

මහේස්ත්‍රාත්වරිය නඩුව යළි දෙසැම්බර් 15 කැදවීමට නියෝග කළේ ලාෆ් ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය පාරිභෝගික අධිකාරිය සමග සාකච්ඡාවක් කිරීමට අවශ්‍ය බැවින් ඉදිරි දිනයක් අධිකරණයෙන් ඉල්ලා සිටීම හේතුවෙන්ය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 86 වැනි විධානය උල්ලංඝනය කරමින් පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මෙම නඩු පැවරීම සිදුකර ඇත.

රටක් ආදරය කළ නයෝමි චාන්ට මොකද වුණේ? ඇමතිනි සරෝජා පෝල්රාජ්ගෙන් සංවේදී සටහනක්

රටක් ආදරය කළ නයෝමි චාන්ට මොකද වුණේ? ඇමතිනි සරෝජා පෝල්රාජ්ගෙන් සංවේදී සටහනක්