මේ පැති ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට ඉල්ලීමක්

Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ආයේ කුවේට් වලට ගෘහ සේවයට යන්න බෑ? - රටවල් 27ක සේවකයන් තහනම් - ලාංකිකයන්ට වෙන්න යන දේ මෙන්න

ආයේ කුවේට් වලට ගෘහ සේවයට යන්න බෑ? - රටවල් 27ක සේවකයන් තහනම් - ලාංකිකයන්ට වෙන්න යන දේ මෙන්න

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50 පමණ තද සුළං ඇති විය හැක.

සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.   

සුළු මොහොතකට පෙර ඇමරිකාවෙන් ඉරානයට දරුණු ප්‍රහාරයක් - හෝමුස් සමුද්‍ර සන්ධිය නිල වශයෙන් වසා දමයි - නැවතත් ඇවිලුණු මැදපෙරදිග යුද්ධය

සුළු මොහොතකට පෙර ඇමරිකාවෙන් ඉරානයට දරුණු ප්‍රහාරයක් - හෝමුස් සමුද්‍ර සන්ධිය නිල වශයෙන් වසා දමයි - නැවතත් ඇවිලුණු මැදපෙරදිග යුද්ධය