නාමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්
අයිස් රසායනික ද්‍රව්‍ය පැටවූ කන්ටේනර් දෙකක් නිසි සෝදිසි කිරීම් වලින් තොරව නිදහස් කළා යැයි විවිධ ආකාරයේ චෝදනා මේ වන විට ආණ්ඩුවට එල්ල වෙමින් පවතී.
එවගේම මෙම මත්ද්‍රව්‍ය ජාලාව පිටුපස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිටින බවට තවත් සමහරක් දේශපාලනයන් චෝදනා කර තිබුණි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන විට අයිස් පැටවූ කන්ටේනර් දෙක ඉබේ මිද්දෙණියට පාත් වුනාද යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රශ්න කර තිබුණි.
ඒ අනුව ඔහු විපක්ෂය පස්සේ පන්නන්නේ නැතුව කන්ටේනර් පන්නපු හොරු ටික මුලින්ම අල්ලලා ඉන්නැයි තමා රජයට අභියෝග කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
රජය මුලින්ම කළයුත්තේ ඒ කටයුත්ත බවද ඔහු සඳහන් කළේය. විපක්ෂය මර්දනය කර ගොඩ ගිය ආණ්ඩුවක් නැතැයිද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.