අගමැතිනි හරිනි චීනයේ සංචාරයක

Report

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත්තේ, අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය ඔක්තෝබර් මාසයේදී චීනයේ නිල සංචාරයක නිරත වන බවයි. මෙම සංචාරයේ මූලික අරමුණ ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම බව ඔහු සඳහන් කළේය.

මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 76 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද උත්සවයකට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ජීවිතයක් නැති කරන්න අත්සන ගහන්නේ කොහොමද - එල්ලා මැරීම ගැන ජනපති කියූ දේ

ජීවිතයක් නැති කරන්න අත්සන ගහන්නේ කොහොමද - එල්ලා මැරීම ගැන ජනපති කියූ දේ

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය බීජිං වෙත පැමිණෙන බවත්, ශ්‍රී ලංකාව චීනයේ "එක් චීනයක්" ප්‍රතිපත්තිය තම විදේශ ප්‍රතිපත්ති හරහා දැඩිව පිළිගන්නා බවත්ය.

මෙම සංචාරය ආර්ථික, වෙළඳ, සහ සංස්කෘතික සහයෝගීතාව ඉහළ නැංවීමටත්, දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කිරීමටත් අපේක්ෂිත බව බලධාරීහු පවසති. 

නාමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

නාමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

තමිල්නාඩුවේ නොසන්සුන්තාව දිගටම - මියගිය අයගේ සිරුරු ඥාතීන්ට භාර දෙයි

තමිල්නාඩුවේ නොසන්සුන්තාව දිගටම - මියගිය අයගේ සිරුරු ඥාතීන්ට භාර දෙයි