සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට වර්ජනයේ

covid quarantine ppe kit health union saman rathnapriya
By Sewvandhi Jun 10, 2021 11:58 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හෙට දිනේ දී සෞඛ්‍ය වෘත්තීය සමිති 26ක් තම ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වැඩ වර්ජනයක නිරත නිරත වීමට සැලසුම් කර තිබෙනවා.

කොවිඩ් මර්දනය කටයුතුවලදී කටයුතුවලදීපහසුකමක් වන PPE kit, මුව ආවරණ, අත් ආවරණ මෙන්ම අඛණ්ඩව සේවයේ නිරතවන සේවකයන් සඳහා ආහාර වැනි ඉල්ලීම් මුල්කර ගනිමිනුයි ඔවුන් මෙම වර්ජනයට එක්වීමට සැලසුම් කර ඇත්තේ.

හෙට උදෑසන 7 සිට මධ්‍යහ්න දොළහ වන තුරු මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරතවීමට ඔවුන් සුදානම් වනවා. කෙසේවෙතත් කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර සිදුකරන රෝහල් සහ ළමා රෝහල් 15ක් මෙම වෘත්තීය සමිති අරගලයට එකතු නොවන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති කියාසිටියේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ වෛද්‍යවරුන්ගේ නිලය වෙනස් වුව ද රෝගය වෙනස් නොවන බවයි.

මෙම වෛරස ව්‍යාප්තිය නතර කිරීමේ හැකියාව සේවකයන්ට මෙම පහසුකම් ලබාදීම මගින් නැතිකර ගැනීමට හැකි බවයි ඔහු මෙහිදී පෙන්වා දුන්නේ.

රජයේ විකිරණ හා විද්‍යා තාක්ෂණවේදී සංගමය, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය මෙන්ම රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 26ක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක් වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now