සෞඛ්‍ය සේවකයින්ගේ වර්ජනය ඇරඹේ..දිස්ත්‍රික් කිහිපයකට අනතුරු අඟවයි..
සෞඛ්‍ය අංශය නියෝජනය කරන වෘත්තීය සමිති කිහිපයක් අද (27) උදෑසන 7 සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
දහවල් 12 දක්වා පැය 05ක කාලයක් එම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය පැවසීය.
එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ ඊට වෘත්තීය සමිති 44ක් සහභාගී වන බවය.
සෞඛ්‍ය සේවකයින් මුහුණදී ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සිදුකරන බවද සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
මේ අතර මධ්‍යම පළාතේ ආයුර්වේද රෝහල් කාර්ය මණ්ඩල වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ලබාදෙන රුපියල් 7,500 විශේෂ දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින්.
එම යෝජනා ඇතුළත් ලිපියක් ද ශ්‍රී ලංකා නිදහස් ආයුර්වේද සෞඛ්‍ය සේවක සංගමය විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ වෙත ලබාදී තිබෙනවා.
එම ලිපිය පහතින් නරඹන්න.
මේ අතර දිස්ත්‍රික්ක 05ක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.
ගාල්ල, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය සහ නෙළුව යන ප්‍රදේශ සඳහාත් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ රුවන්වැල්ල යන ප්‍රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.
මීට අමතරව මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස, කොටපොල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට, කලවාන, නිවිතිගල සහ රත්නපුර යන ප්‍රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.
මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

