රෝහල් ඉදිකිරීමේදී ස්වභාවික ආපදාවලට මුහුණ දීම ගැන සැලකිළිමත්විය යුතු බව සෞඛ්‍ය ලේකම් කියයි

Report

රෝහල් ඉදිකිරීමේදී ස්වභාවික ආපදාවලට මුහුණ දීම පිළිබඳව සැලකිළිමත්විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කර තිබේ.

ඒ වගේම ගංවතුරෙන් හානියට පත් මහියංගනය මූලික රෝහල නිරීක්ෂණය සඳහා පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කර තිබේ .

ගං වතුර උවදුරෙන් දැඩි ලෙස හානි සිදු වූ මහියංගනය මූලික රෝහල නිරීක්ෂණයට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි සහ සෞඛ්‍ය ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු පිරිසක් පැමිණ තිබුණි.

අම්බුළුවාව ඉඩම සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක්

අම්බුළුවාව ඉඩම සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක්

ඉන් අනතුරුව ඉන්දියානු රජයෙන් ලබා දුන් ජංගම රෝහල නිරීක්ෂණයට ද නියෝජ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය ලේකම්වරයා සහභාගී විය.

එසේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින්ද මහියංගනය මූලික රෝහලේ කාර්ය මණ්ඩලය හමුවී සාකච්ඡාවක් පවත්වන ලදි. 

දිට්වා සුළි කුණාටු ආධාර නිසි ලෙස බෙදාහැරීමට ජනාධිපති කමිටුව යටතේ අනුකමිටුවක්

දිට්වා සුළි කුණාටු ආධාර නිසි ලෙස බෙදාහැරීමට ජනාධිපති කමිටුව යටතේ අනුකමිටුවක්