සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු කරන්න යන දැවැන්ත වෙනසක් ගැන විෂයභාර ඇමති කියයි.

Keheliya Rambukwella Sri Lanka Politician Sri Lanka Ministry of Health Sri Lanka Hospitals in Sri Lanka
By krishani Jun 13, 2023 06:20 AM GMT
krishani

krishani

Report

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඉදිරි සති දෙක තුළ නවක වෛද්‍යවරුන් 406 දෙනෙකු බඳවාගැනීමට නියමිතව ඇත. 

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ය.

එමෙන්ම හෙද සේවාවට ද ඉදිරි මාසයේ දී 2,200ක පිරිසක් බඳවා ගැනීමට නියමිතයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ  අමාත්‍යවරයා,

"නව වෛද්‍යවරුන් 406 දෙනෙක් 27 වනිදාට ඉස්සෙල්ලා සෞඛ්‍ය අංශයේ රෝහල්වලට ලබාදෙනවා.ඒ වගේම පවුල් සෞඛ්‍ය සේවාවන් 222කට අලුතින් පත්වීම් ලබාදුන්නා පසුගිය සති කිහිපය තුළ.ඒ නිසා තිබුන හිඟය යම්කිසි අඩුවක් ප්‍රගතියක් තියෙයි. තවත් 600ක් විතර පුහුණු කරලා ගන්න බලාපොරොත්තු වෙනවා.ඉදිරියේ දී, එන මාස එකහමාර තුළ විශේෂයෙන්ම හෙද හෙදියන් 2,200කට පත්වීම් දෙන්න බලාපොරොත්තු වෙනවා." යනුවෙන් මෙසේ කියා සිටියේ ය.

ReeCha