සෞඛ්‍ය ඇමති හදිසියේම රෝහල්වලට

Report

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය රෝහල් සංවර්ධනය කරමින් ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම සහ විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.

මෙම අදහස ඔහු පළ කළේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය රෝහල, ගල්නෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඇතුළු කිහිපයක්ම සෞඛ්‍ය ආයතනවලට සිදු කළ නිරීක්ෂණ චාරිකාවකදීය.

වැඩිම රෝගීන් ප්‍රමාණය බස්නාහිරින්

වැඩිම රෝගීන් ප්‍රමාණය බස්නාහිරින්

චාරිකාව අතරතුරදී අමාත්‍යවරයා බාහිර රෝගී අංශ, සායන පරිශ්‍ර, වාට්ටු, ඖෂධාගාර, මුළුතැන්ගෙය, ඖෂධ ගබඩා, රුධිර කාන්දුකරණ ඒකක, රසායනාගාර වැනි ප්‍රධාන අංශ සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය කළා.

එමෙන්ම, ඔහු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට බලපාන බෝවන සහ බෝ නොවන රෝගවල පාලනය, දරුවන් සහ මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය, ඉදිරි පෝෂණ වැඩසටහන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට ත්‍රීපෝෂ ලබාදීම, ක්ෂේත්‍ර නිලධාරීන්ට පවතින ප්‍රවාහන ගැටළු සහ කාර්ය මණ්ඩලය මුහුණදෙන්නේ වෘත්තීයමය අභියෝග පිළිබඳව ද යතාථ්‍ය තොරතුරු ලබාගත්තා.  

පහේ ශිෂ්‍යත්වය ගැන තීරණාත්මක දැනුම් දීමක් , දරුවන්ට තවත් අවස්ථාවක් අහිමිවෙයි ද ?

පහේ ශිෂ්‍යත්වය ගැන තීරණාත්මක දැනුම් දීමක් , දරුවන්ට තවත් අවස්ථාවක් අහිමිවෙයි ද ?