නව කොවිඩ් ප්‍රභේදය මගින් මරණ 2ක්! - සෞඛ්‍ය අංශයෙන් නව අනතුරු ඇඟවීමක්

COVID-19 Virus Death Sinhala news Breaking News
By Kaushi Jun 12, 2025 03:23 AM GMT
Kaushi

Kaushi

Report

ශ්‍රී ලංකාව තුළ පැතිර යන කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදයක් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර මහතා මෙම තොරතුරු අනාවරණය කළේය.

ඔහු පැවසුවේ, “වෛරස් විද්‍යා ආයතනයේ දත්තවලට අනුව, මේ වන විට ශ්‍රී ලංකාවේ ශ්වසන රෝග ලක්ෂණ පෙන්වන රෝගීන්ගෙන් 9% සිට 13% දක්වා ප්‍රමාණයකට මෙම අලුත් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇත. එහෙත්, මෙම ආසාදනය බොහෝ දුරට බරපතළ නොවන තත්ත්වයක පවතින අතර, හානිකර තත්ත්වයන් ඉතාමත් අවමයි. කෙසේ වෙතත්, වයස අවුරුදු 65 ඉක්මවූ සහ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින්ට මෙය බරපතළ විය හැකියි. එවැනි පුද්ගලයින් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.”

විරෝධතා මැද විදුලි බිල ගැන ආපු අලුත්ම සුබාරංචිය

විරෝධතා මැද විදුලි බිල ගැන ආපු අලුත්ම සුබාරංචිය

මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසුවේ, “ලංකාවේ වාර්තා වූ මරණ දෙකම සංකූලතා තිබූ රෝගීන්ට සීමා වී ඇත. මේ හැරුණු විට බරපතළ තත්ත්වයන් වාර්තා වී නොමැති බැවින් ජනතාව අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැත. එහෙත්, අවදානම් කාණ්ඩවලට අයත් පුද්ගලයින් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුයි.”

සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් දී ඇත්තේ, රෝග ලක්ෂණ මතු වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත්, මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, සහ එන්නත්කරණය තුළින් ආරක්ෂාව තහවුරු කර ගැනීම වැනි මූලික සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට ය.

එසේම, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වසංගත රෝග විද්‍යා අංශය එක්ව රෝගය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගනිමින් ඇත.

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

ReeCha