වවුනියාව කළඹමින් තවත් සිද්ධියක් -මිහිදන් කළ මෘතදේහයක හිස කොටස අතුරුදන්
වවුනියාව, මාරම්බයිකුලම් ප්‍රදේශයේ මිහිදන් කර තිබූ මෘතදේහයක හිස කොටස අතුරුදන්ව ඇත.
කිසියම් පිරිසක් විසින් අදාළ මළසිරුර මිහිදන් කළ ස්ථානය නැවත හාරා එහි තිබූ හිස කොටස පමණක් රැගෙන ගොස් තිබෙන බව වාර්තා වී තිබේ.
එම සුසාන භූමිය ආශ්‍රිත ප්‍රදේශය පුරා පැතිර ගිය දැඩි දුර්ගන්ධය හේතුවෙන් සිදුකළ සොයා බැලීමක දී අදාළ මළසිරුර ගොඩගෙන ඇති බවට අනාවරණය වී ඇත.
මීට මාස තුනකට පමණ ඉහතදී මියගිය මාරම්බයිකුලම් ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුගේ මළසිරුරක කොටසක් මෙලෙස අතුරුදන්ව ඇති බව ද වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ ඥාතීන් විසින් වවුනියාව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ මේ සම්බන්ධයෙන් වවුනියාව අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.