මම තනිකඩ වුනාට හර්ෂණගේ බිරිඳ කැමති වෙයිද දන්නෑ ඔහු මාත් එක්ක වැඩ කරනවාට-ජනප්‍රිය නිලි වොල්ගා කල්පනී (PHOTOS)
අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියලා කියන්නේ. ඉතින් මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන පාරදිගේ ටෙලි නාට්‍යයේ ටුටූගේ චරිතය හරහා ඇය ප්‍රේක්ෂකයින් හමුවට එනවා.
ඉතින් ටුටූ කියලා කියන්නෙත් ඇය නිරූපණය කරන වෙනස්ම ආකාරයේ චරිතයක් කිවුවොත් හරියටම හරි. කොහොම නමුත් සමාජ ජාලා තුල වගේම ප්‍රධාන මාධ්‍ය ඔස්සේද නිරන්තරයෙන්ම පුවත් මවන අපූරු රංගන ශිල්පිනියක් විදිහටත් ඇය කා අතරත් කතා බහට ලක්වෙනවා.
ඉතින් කුඩා කාලයේ පටන්ම කලා කටයුතු වලට සම්බන්ධ වෙලා අද වන විට කලාකාරිනියක් විදියට සුවහසක් ජනතාවගේ ආදරයට පාත්‍ර වුණු මේ කලාකාරිනිය විවාහ වෙන්නේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් සමඟයි
. ඉතින් මේ වොල්ගාගෙත් හර්ෂණගෙත් විවාහය කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනා කතා බහ කරපු මාතෘකාවක් කිවුවොත් හරියටම හරි. නමුත් දැන් ඔවුන් එම විවාහයෙන් වෙන් වෙලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ වගේම ඇය විවාහය ගැන වගේම සම්බන්ධතා ගැන හරි අමුතු විදිහට හිතන කෙනෙක්.
ඉතින් ඇය කියන විදිහට ඇය නැවත වතාවක් විවාහ වෙන්නේ නැහැලු. නීත්‍යානුකූල විවාහය කියන වචනය ළග ඇයගේ කිසිම විශ්වාසයක් නැහැ කියලයි ඇය පවසන්නේ. ඉතින් ඇය දික්කසාද සහතිකය අරගෙන තාත්තා ළඟට ආපු දවසේ විවාහය කියන සහතිකය ගැන තිබුණු විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා කියලත් ඇය කියනවා.
ඉතින් ඒ වගේම දෛවය දෙන දේවල් අපි බාර ගන්න ඕනේ කියලත් ඇය කියනවා. ඉතින් ඇය තාමත් ඇයගේ ජීවිතය ගැන කල්පනා කරනවාලු. ගැහැනියක් විදිහට ඇයට ඉතුරු වුනේ අමිහිරි මතකයන් ටිකක් විතරයිලු. ඉතින් ඇය ඒ දේවල් ගැන පසුතැවෙන්නේ නැහැලු. ඒ වගේම අපි කොච්චර ආරක්ෂා කරගන්න හැදුවත් අපෙන් අත හැරිලා යන දේවල් නතර කරන්න බැහැ කියලත් ඇය කියනවා.
ඇය ඒ කාලේ දැනෙන්න ආදරය කළාලු. උපරිමේටම ආදරය කළා කියලයි ඇය කියනේ. හැබැයි කොහේ හරි සිද්ධ වෙච්ච වරදක් නිසා ඒ හැමදේම අහිමි වුණාලු. ඉතින් ඒ වගේම හර්ෂණගෙයි ඇයයි අතර කිසිම තරහක් නෑ කියලත් ඇය කියනවා. ඒ වගේම කලා වැඩකදී මුණ ගැහුණොත් ඔවුන්ට එකට වැඩ කරන්න පුළුවන් විදිහට ඔවුන්ගේ ප්‍රශ්න විසඳගෙන තියෙනවාලු.
හැබැයි ඇය තවම තනිකඩ වුනාට හර්ෂණ විවාහක පිරිමියෙක් නිසා ඔහුගේ බිරිඳ කැමති වෙයිද දන්නෑලු ඔහු ඇයත් එක්ක වැඩ කරන එක සම්බන්ධව කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ