කලාපේ අඩුම විදුලි මිල ඇති රට ශ්‍රී ලංකාව කරනවලු,හැබැයි 6.8 කිනුත් වැඩි කරන්න ප්ලෑන් කරලා
කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කරමින් රටේ සමස්ථ ජනතාවට සාධාරණ සහ පහසු මිලකට විදුලිය ලබා දීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවා ය.
ජාතික විදුලි බල පද්ධතියේ අවශ්‍යතාවයෙන් 12% හෙවත් මෙගා වොට් 350ක් ලබාදෙන කෙරවලපිටිය "සොබාදනවි" සංයුක්ත චක්‍රිය විදුලි බලාගාරයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය,
"රටේ සමස්ථ ජනතාවට සාධාරණ සහ පහසු මිළකට විදුලිය ලබා දෙමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ කාර්යයට නිෂ්පාදකයින් වැඩි වශයෙන් දායක කර ගැනීම රජයේ අරමුණක්. ඒ වගේම දේශීය ඉංජිනේරුවන් ඇතුලු දේශිය මානවසම්පත විසින් මේ විදුලි ජනන පද්ධතිය නිර්මාණය කිරීමට කටයුතු කිරීම ගැන මම සතුටට පත්වෙනවා. ආයතනික ලෙසත්, පෞද්ගලිකවත් විදුලිය භාවිතයේදී වඩා අරපරිස්සමින් අනවශ්‍ය විදුලි භාවිතයන් සීමා කරමින් ජාතික ආර්ථිකයට දායක වන ලෙස ජනතාවට ආරාධනා කරනවා'
යනුවෙන් ද අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.
ඒ වගේ 2025 වසරේ අවසන් කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩල විසින් සියයට 6.8ක විදුලි ගාස්තු වැඩිකිරීමක් යෝජනා කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
එලෙස ඉදිරිපත් කර ඇති සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් ලබාගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ. ඒ අනුව එම කොමිසම සඳහන් කරන්නේ, මහජනතාවට සිය අදහස් හා යෝජනා ලිඛිතව කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ හැකි බවය.
වාචික අදහස් දැක්වීම සඳහා පළාත් 9 ආවරණය වන පරිදි මහජන උපදේශන 9 ක් පැවත්වෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. වාචික අදහස් දැක්වීමේ සැසි 2025 සැප්තැම්බර් 18 වන දින ආරම්භ වේ