සැප්තැම්බර් 01 වෙනිදා දක්වා මන්ත්‍රී හරීන්ට කරන්න යන දේ මෙන්න.

Hari fnandu Samagi janabala wegaya
By Aruna Jul 14, 2021 08:21 AM GMT
Report

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ලබන සැප්තැම්බර් 01 වැනිදා දක්වා අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා අද (14) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් තමාව එලෙස අත්අඩංගුවට ගැනීම වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now