ත්‍රස්ත ප්‍රහාරයක් ගැන සැලැස්මක් එළියට?. එකවරම අණාවරනය වුණ දේ.. (VIDEO)

Sri Lanka Sri Lanka Magistrate Court
By krishani Oct 24, 2023 05:07 PM GMT
krishani

krishani

Report

අද (24) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට හරක් කටා සම්බන්ධයෙන් වාර්තා කළේ ය.

ඒ ත්‍රස්තවාදීන් එල්ල කරන ආකාරයේ ප්‍රහාරයක් එල්ල කර නඳුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තාව මුදාගැනීමේ සූදානමක් පවතින බවයි.

කෙසේ වෙතත්, ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන මෙන් මහෙස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.

මේ අතර ආරංචි මාර්ග සඳහන් කළේ කමාන්ඩෝ නිල ඇඳුමින් සැරසී සිටි පුද්ගලයන් විසින් කමාන්ඩෝ පන්නයේ ප්‍රහාරයක් සැලසුම් කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් හිටපු කමාන්ඩෝ භටයින් දෙදෙනෙකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

විඩියෝ දර්ශන - Hiru News YouTube Channel



ReeCha