රාත්‍රී හතේ සිට අළුයම දෙක වනතුරු සිදුකර ඇති දේ... හංවැල්ලම බිය වැද්දූ ඝාතකයා ගැන එළියට ආ අලුත්ම තොරතුරු..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Murder Latest Headlines
By Sewvandhi Oct 07, 2024 12:40 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (07) අලුයම් කාලයේදී කප්පම් ලබානොදීමේ සිද්ධියක් මුල්කරගෙන හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ, සැකකරු අත්අඩංගුවට ගන්න අවස්ථා‍වේදී ඔහු බලංගොඩ ප්‍රදේශයේ සිය අනියම් බිරිඳගේ නිවසේ සිට ඇති බවයි.

ඔහු හංවැල්ල දිද්දෙණිය ප්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවෙක් වන දැනට බලංගොඩ කල්තොට ප්‍රදේශයේ පදිංචිව සිටින හිටපු හමුදා සෙබළෙක් වන ගයාන් සුධීර නැමැති 38 හැවිරිදි පුද්ගලයෙකි.

ඩුබායි හි සැඟව සිටින ලලිත් කන්නංගර නොහොත් "කොන්දොස්තර ලලියා" අදාළ ව්‍යාපාරිකයාව ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාදෙන බවට පොරොන්දු වූ බවයි, සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත්තේ.

එහෙත් එම මුදල ලබාදී නොමැති අතර ලක්ෂ 02ක අයිස්, අලෙවිකර මුදල් ගැනීම සඳහා ලබාදී ඇති බව පොලීසිය අනාවරණය කර ගෙන තිබේ.

ව්‍යාපාරිකයාට වෙඩිතැබීම සඳහා පසුගිය මාසයේ 09 වනදා සහ 19 වනදා පැමිණ ඇති අතර 19 වනදා රාත්‍රී 7 සිට පසුදින අලුයම 02 වන තුරු සැඟවී සිටි බව සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත. ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සඳහා සැකකරු තනිවම පැමිණි ඇති බව වාර්තා වෙයි.

මෙම ඝානය සඳහා යොදාගත් ජංගම දුරකථන කිහිපයක් T-56 උණ්ඩ 15ක් සහ අත්බෝම්බයක් ඇතුළු භාණ්ඩ කිහිපයක් සොයා ගෙන ඇත බව පොලීසිය පවසයි.

මෙම සැකකරු 2023.12.25 දින සිදුකළ මන්න රොෂාන් ඝාතනයේ සැකකරුවෙක් වන බවද පොලීසිය පවසයි. බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් දී ඇත්තේ මෙම සැකකරු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්නකරන ලෙසට ය.