ඉරාන නාවිකයින්ගේ මළ සිරුරු භාර ගැනීම සම්බන්ධයෙන් ඉරානයෙන් තීරණයක්

Report

මෙරට මුහුදු සීමාවට ආසන්නයේදී අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රහාරයට ලක්වූ ඉරාන අයිරිස් ඩෙනා නෞකාවේ මියගිය නාවිකයින්ගේ මළ සිරුරු ඉක්මනින් තම රටට ආපසු ගෙන්වා ගැනීමට ඉරානය අවශ්‍ය පියවර ගන්නා බව පවසයි.

ඉරානයේ Fars News Agency වාර්තා කළ නිවේදනයකට අනුව, හමුදා මහජන සම්බන්ධතා කාර්යාලය සඳහන් කර ඇත්තේ මියගිය නාවිකයින් 104න් 84ක් හඳුනාගෙන ඇති අතර, එම මළ සිරුරු ඉක්මනින් ඉරානයට ආපසු ලබා දීමට කටයුතු කරන බවයි.

ඔබේ හිස් තර්ජනවලට අපි බය නෑ පරිස්සමින් ඉන්න - ට්‍රම්ප්ගේ තර්ජනයට ඉරානෙන් ප්‍රතිචාර

ඔබේ හිස් තර්ජනවලට අපි බය නෑ පරිස්සමින් ඉන්න - ට්‍රම්ප්ගේ තර්ජනයට ඉරානෙන් ප්‍රතිචාර

මෙම සිරුරු නැවත ගෙන්වා ගැනීමේ කටයුතු ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ උත්සාහයෙන් සහ ශ්‍රී ලංකා රජයේ සහයෝගයෙන් සිදු කරන බවත් නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම මියගිය ඉරාන නාවිකයින්ගේ මළ සිරුරු ආපසු ගෙන්වා නොගන්නා ලෙස වොෂින්ටනය ශ්‍රී ලංකාවට බලපෑම් සිදුකරමින් සිටින බවය.

හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට ප්‍රංශ යුද නැව් හෝමූස් සමුද්‍ර සන්ධියට

හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට ප්‍රංශ යුද නැව් හෝමූස් සමුද්‍ර සන්ධියට