මෙරට ප්‍රධාන රෝහලක බරපතල ප්‍රශ්නයක්..මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන් සිටින්න...
මේ වනවිටත් වෛද්‍යවරුන්ගේ හිඟය නිසා දැඩි අවදානමක පවතින හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය සායන ඉදිරි දෙසතිය තුළ වසා දැමීමට සිදුවිය හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
එම ආරංචිමාර්ග තහවුරු කරන්නේ, රෝහලේ දැනට ඉතිරිව ඇති ශල්‍ය වෛද්‍යවරු දෙදෙනාත්, ඉදිරි සති දෙක තුළ රෝහල හැර යාමට නියමිත අතර එක් ශල්‍ය වෛද්‍යවරයෙක් මේ වනවිටත් හැරයාමේ ලිපි භාර දී ඇති බවයි.
අනෙක් වෛද්‍යවරයාත් ස්ථාන මාරුවක් සඳහා ඉල්ලුම් කර තිබෙන බවත්, එම ස්ථාන මාරුව නොලැබුණහොත් තමන්ද සේවය හැර යාමට කටයුතු කරන බව ද එම වෛද්‍යවරයාද පවසා තිබෙනවා.
තවද නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් වෛද්‍යවරයෙක්ද ඉදිරි සති දෙක තුල සේවයෙන් ඉවත් බව බවත්, අනිත් වෛද්‍යවරයාද ස්ථාන මාරුවක් ලබා පිටව යෑමට සූදානම් බවත් වාර්තාවේ.
එමෙන්ම ළමා දැඩිසත්කාර ඒකකයේ ද වෛද්‍යවරුන් හිඟ වීම නිසා එම ප්‍රතිකාර ඒකකයද දැඩි අර්බුධයකට ලක් ව ඇත් බව එම අංශයේ වෛද්‍යවරයෙකු පවසනවා.
තවද ගර්භනී මවුවරුන්ට අවශ්‍ය හදිසි ප්‍රතිකර සහ ශල්‍යකර්මද මෙ වන විට විශාල අවධානම් තත්ත්වයක පවතින බවත්, එම ප්‍රතිකාර නිසි ක්‍රමවේදයකට අනුව සිදු නොවුනහොත් වෙනත් රෝහලක් සඳහා මාරුකර යැවීමට සිදුවන බවත් රෝහල් ආරංචිමාර්ග පවසයි.
මෙලෙස රෝහල හැර ගිය වෛද්‍යවරුන්ගෙන් කල විමසීම් වලදී ඔවුන් පවසන්නේ, ඔවුන්ට හිමි වැටුප සඳහා අධික ලෙස බදු අය කිරීම හේතුවෙන් ආර්ථික අර්බුදයට මුහුණ දීමට නොහැකි බැවින් ඔවුන් මෙලෙස කටයුතු කරන බවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |