හම්බන්තොට වරායේ දී සිදු වූ අවාසනාවන්ත සිදු වීම..

By Aruna Sep 29, 2024 01:43 AM GMT
Report

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයටම යට වීමෙන් මිය ගිය බව වරාය පොලීසිය පවසනවා.

මිය ගොස් ඇත්තේ ලුණුගම්වෙහෙර දකුණු ඉවුර ජනඋදාන ගම්මානයේ පදිංචිව සිටි අයක් බවයි පොලීසිය කියා සිටියේ.

දිවයින පුරා ප්‍රදේශ රැසකට වැස්ස සහ සුළං තත්ත්වය ඉහළ යයි..මේ ප්‍රදේශ වල ජනතාව දැඩි අවධානයෙන් ඉන්න.

දිවයින පුරා ප්‍රදේශ රැසකට වැස්ස සහ සුළං තත්ත්වය ඉහළ යයි..මේ ප්‍රදේශ වල ජනතාව දැඩි අවධානයෙන් ඉන්න.


මියගිය පුද්ගලයා සිමෙන්ති සෑදීම සදහා භාවිතා කරනු ලබන අමුද්‍රව්‍ය තොගයක් වීල් ලෝඩරයකින් ලොරි රථවලට පටවන අවස්ථාවේදී අමුද්‍රව්‍ය තොගය වීල් ලෝඩරය මතට පතිත වී ඇති බවත් ඊට මොහු යටවී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ, අනතුර සිදුවන අවස්ථාවේ අසල සිටි ලොරි රථ රියදුරන් විසින් තුවාල කරු හම්බන්තොට රෝහලට රැගෙන ගොස් තිබුණු අතර ඒ වන විටත් ඔහු මිය ගොස් තිබුණු බවයි.

අනතුර සම්බන්ධයෙන් වරාය පොලීසිය විසින් පරීක්ෂණ පවත්වන අතර හෙට දින මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇත.   

Gallery