යනවා මෙන්න ජිම් - මාස තුනෙන් මෙච්චරක් බර අඩු කර ගත්තොත් පිස්සු හැදෙන තෑග්ගක්
මෑතකදී චීන ව්‍යායාම ශාලාවක මතභේදාත්මක බර අඩු කර ගැනීමේ අභියෝගයක් දියත් කර ඇති බව වාර්තා වේ.
ඒ මාස තුනකින් කිලෝග්‍රෑම් 50 ක් සාර්ථකව අඩු කර ගන්නා ඕනෑම කෙනෙකුට ත්‍යාගයක් වශයෙන් සුඛෝපභෝගී මෝටර් රථයක් පිරිනමන බවටයි.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ප්‍රවර්ධනයට ඔන්ලයින් අවධානය දිනාගෙන තිබුණද කෙටි කාලයක් තුළ මෙවැනි අධික බර අඩු කිරීමේ අන්තරායන් සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥයින් දැඩි කනස්සල්ල පළ කර ඇති බවයි.
පසුගිය ඔක්තෝබර් 23 වන දින උතුරු චීනයේ ෂැන්ඩොං පළාතේ බින්ෂූ හි පිහිටි යෝග්‍යතා පුහුණු මධ්‍යස්ථානයක් මෙම අභියෝගය අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එසේම ත්‍යාගය වශයෙන් සුඛෝපභෝගී Porsche Panamera රථයක් පිරිනැමීමට එම මධ්‍යස්ථානය පොරොන්දු වී ඇත. අඳාළ මෝටර් රථයේ නවතම මාදිලියක ආරම්භක මිල අමෙරිකානු ඩොලර් 155,000ක් පමණ වන බව සඳහන්.
එසේ වුවත් එහි පුහුණුකරු වෑන්ග් තහවුරු කර ඇත්තේ ත්‍යාගය වශයෙන් පිරිනමන Porsche රථය ජිම් හිමිකරුට අයත්, වසර ගණනාවක් ධාවනය කර ඇති 2020 මාදිලියේ පාවිච්චි කළ මෝටර් රථයක් බවයි. එසේම මෙම අභියෝගය වෙනුවෙන් ලියාපදිංචි ගාස්තුව වශයෙන් අමෙරිකානු ඩොලර් 1,400ක් අය කෙරේ.
එයට ආහාර වේල් සහ සම්පූර්ණයෙන්ම වසාදැමූ පුහුණු පරිසරයක් තුළ පොදු නවාතැන් ද ඇතුළත් වේ. මේ අතර පුහුණුකරු වෑන්ග් අභියෝගය සැබෑවක් බවත් දැනටමත් ඒය ක්‍රියාත්මක වන බවත් පවසා ඇත.
මේ සඳහා ඔවුන් සහභාගීවන්නන් 30 දෙනෙකු ඉලක්ක කර ඇතත් මෙතෙක් හත්-අට දෙනෙකු පමණ ලියාපදිංචි වී ඇති බව පවසයි.
එසේ වුවත් පුහුණු ක්‍රමවේදය, ආහාර සැලසුම් සහ බර අඩු කිරීමේ ඉලක්කය සපුරා ගැනීමේ නිර්ණායක සම්බන්ධයෙන් නිශ්චිත විස්තර හෙළි කර නැති බව වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම අතිශය වේගවත් බර අඩු කිරීමේ ව්‍යාපාරය වෛද්‍යවරුන්ගේ මතභේදයට තුඩු දී ඇත.
සමාජ ජාලයක මිලියන 3.5කට ආසන්න අනුගාමිකයින් සිටින හර්නියා සැත්කම් කළ වෛද්‍ය සෙන්ග් නමැති පුද්ගලයෙක් මෙවැනි වේගවත් බර අඩු කිරීමේ අන්තරායන් ගැන අනතුරු ඇඟවා ඇත.
ඔහු පවසන ලෙස දිනකට 0.5 kg අඩු වීම ඉතා වේගවත් වේ. එනිසා යමෙක් අධික ලෙස තරබාරු නොවේ නම්, මෙම වේගය මේදය අඩුකිරීමට වඩා මාංශ පේශි නැතිවීමට තුඩු දෙයි.
එබැවින් මාංශ පේශි ගැටලු හේතුවෙන් හෝමෝන අසමතුලිතතාවය, හිසකෙස් ගැලවී යාම, සහ කාන්තාවන්ට ඔසප් වීම අක්‍රමවත් කිරීම ඇති කළ හැකි බව වෛද්‍ය සෙන්ග් අනතුරු අඟවයි.
ඔහුට අනුව වඩා ආරක්ෂිත ඉලක්කය නම් සතියකට 0.5kg පමණ අඩු කිරීමයි. කෙසේ වෙතත් මෙම අභියෝගය චීන ජාතිකයන් අතර අන්තර්ජාලය තුළ දැඩි විවාදයක් ඇති කර ඇත.
ඒ අනුව මෙම සැලසුම පිටුපස ඇති මුදල් ඉපයීමේ උපාය මාර්ගය ගැන බොහෝ දෙනා අවධානය යොමු කරයි.
එහිදී එක් අයෙක් "යුවාන් 10,000ක ලියාපදිංචි ගාස්තුවෙන්, සංවිධායකයාට පාවිච්චි කළ කාර් එක තියාගෙන අලුත් කාර් එකක් වුණත් ගන්න පුළුවන්.
අවසානයේදී, ඔහු විශාල වාසනාවක් උපයනවා. මොනතරම් බුද්ධිමත් අලෙවිකරණ සැලැස්මක්ද?" යනුවෙන් ලියා ඇති බව ද වාර්තා වේ.