බසයක් ඇතුළේ දරුණු වලියක් සමඟ වෙඩි හුවමාරුවක් - පස් දෙනෙකුට වෙඩි

Report

අමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී. හි පොදු බස් රථයක සිදුවූ බහින්බස් වීමක් හේතුවෙන් එම සිදුවීම ප්‍රචණ්ඩකාරී වෙඩි තැබීමක් බවට පත් වී පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙට්‍රොපොලිටන් පොලිසිය තහවුරු කළේ, වෙඩි තැබීමෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු සහ වැඩිහිටියන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

තුවාල ලැබූ කිසිවෙකුගේ තත්ත්වය මාරාන්තික නොවන අතර, සියලු දෙනාම මේ වන විට ප්‍රදේශයේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.

අද පැය 48ක් පුරාවටම ලංකාව පුරා සිද්ධ වෙන්න යන දේ මෙන්න - දැනගෙනම යන්න

අද පැය 48ක් පුරාවටම ලංකාව පුරා සිද්ධ වෙන්න යන දේ මෙන්න - දැනගෙනම යන්න

වෙඩි තැබීමෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත. ඔහු මුහුණු ආවරණයක් සහ කළු-සුදු පැහැති පිජාමා කලිසමක් පැළඳ සිටින අයෙකු ලෙස හඳුනාගෙන ඇත.

රියදුරු බස් රථය නතර කර ආරවුලට සම්බන්ධ පිරිස බස් රථයෙන් බැසීමෙන් පසු වෙඩි තැබීම ආරම්භ වී ඇත.

පොලිසිය විශ්වාස කරන්නේ, තුවාල ලැබූ සමහර පුද්ගලයින් මෙම ආරවුලට සම්බන්ධ නොවන පුද්ගලයන් බවයි. සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාතමක වේ.

පෙබරවාරි 01 දින සිට මේ රජයේ සේවකයන්ට වාර්ෂික වැටුප් වර්ධකයක්

පෙබරවාරි 01 දින සිට මේ රජයේ සේවකයන්ට වාර්ෂික වැටුප් වර්ධකයක්