'ග්‍රීන් කාඩ්' ගැන ට්‍රම්ප්ගේ තීරණය
අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන් කාඩ්' වැඩසටහන අත්හිටුවා ඇත .
ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ මෑතකදී සිදු වූ වෙඩිතැබීම සැලකිල්ලට ගෙනයි.
එම වෙඩිතැබීමෙන් සිසුන් දෙදෙනෙකු මරණයට පත් වූ අතර, නව දෙනෙකුට තුවාල සිදුවිය
එක්සත් ජනපද පුරවැසිභාවය ලබාදෙන මෙම ආගමන සේවා වැඩසටහන නවතා දමන ලෙස ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් එරට බලධාරීන්ට නියෝග කර තිබේ .
මෙම වීසා වැඩසටහන මගින් ලොව පුරා පුද්ගලයින් 50,000කට සෑම වසරකම නිත්‍යානුකූල ලෙස අමෙරිකාවට ඇතුළු වීමේ හැකියාව තිබේ.
තවද මිලියන 20කට ආසන්න සංඛ්‍යාවක් මෙම වසරේ ද 'ග්‍රීන් කාඩ්' සඳහා අයදුම් කර ඇති බව ද වාර්තා වේ.