මෙතනින් පාර වහලා - යන්න එපා

Report

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර ඇත.

ඒ අනුව, එම මාර්ගයේ ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා වූ කොටසේ මාර්ගය හරහා ජලය ගලා යාම හේතුවෙන්, ආරක්ෂිත පියවරක් ලෙස අද (19) දින රාත්‍රී කාලයේදී ත්‍රීරෝද රථ සහ යතුරුපැදි ධාවනය සීමා කිරීමට පොලොන්නරුව පොලිසිය පියවර ගෙන තිබේ.

මාර්ගය හරහා ජලය ගලා යාම නිසා කුඩා වාහන ධාවනය අවදානම් සහගත බැවින් මෙම තීරණය ගෙන ඇත.

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

මේ පාසල දින නියමයක් නොමැතිව වසා දමයි

මේ පාසල දින නියමයක් නොමැතිව වසා දමයි