රටම බයෙන් ඉන්න විදුලි ගාස්තුව ගැන මහජන උපයෝගීතා කොමිසමෙන් නිර්දේශයක් - ගාස්තුව 95% න් වැඩි වෙයිද?

Report

විදුලි ගාස්තු සියයට 18 ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම ඉල්ලු‍ම් කළ ද, රජය විසින් රුපියල් බිලියන 15 ක සහනාධාරයක් ලබාදෙන බවට මහ භාණ්ඩාගාරය විසින් මහජන උපයෝගීතා කොමිසමට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව කළ විමසීමකදී එහි සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා ප්‍රකාශ කර ඇත්තේ, මේ හේතුවෙන් විදුලි ගාස්තු වැඩි වුව ද පාරිභෝගිකයින් සියයට 95 ක ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය නොවන බවට කොමිසම නිර්දේශ කර ඇති බවයි.

කෙසේ වෙතත් පෙරේදා දිනයේදී විදුලි ගාස්තු සියයට 18 ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම, නව යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසමට යොමු කර තිබුණා.

විදුලි බිල් වෙනස් වෙයිද? – නව ගාස්තු තීරණාත්මකයි

විදුලි බිල් වෙනස් වෙයිද? – නව ගාස්තු තීරණාත්මකයි

එය ඉදිරිපත් කර තිබුණේ වසරේ දෙවන සහ තෙවැනි කාර්තු සඳහා බලපැවැත්වෙන ආකාරයටයි. එමෙන්ම මීට පෙර, එනම් ඉකුත් 6 වන දින ද ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම මෙම වසරේ දෙවන කාර්තුව සදහා සියය ට 15 ක පමණ විදුලි ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කරමින් මහජන උපයෝගිතා කොමිසම වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා.

එහෙත් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම නිසා දෙවන කාර්තුවේ පැවති රුපියල් බිලියන 31 ක හිඟය මේ වනවිට රුපියල් බිලියන 38 දක්වා ඉහළ ගොස් ඇති බව නව යෝජනාවෙන් ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම දැනුම් දී ඇති බව සඳහන්.

මුදල් ලේකම්ට අවුරුදු 2ක හිර දඬුවමක්? ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් නිවේදනයක්

මුදල් ලේකම්ට අවුරුදු 2ක හිර දඬුවමක්? ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් නිවේදනයක්

ලොවම ඇහ ගහන් ඉන්න හෝමුස් සමුද්‍ර සන්ධිය හදිසියේ ට්‍රම්ප්ගේ නමින් වෙනස් වෙයි? සිතියමකින් සමාජ මාධ්‍ය‍යේ කැළඹීමක්

ලොවම ඇහ ගහන් ඉන්න හෝමුස් සමුද්‍ර සන්ධිය හදිසියේ ට්‍රම්ප්ගේ නමින් වෙනස් වෙයි? සිතියමකින් සමාජ මාධ්‍ය‍යේ කැළඹීමක්