රටම එකට ජාතික මෙහෙයුමකට - කවුන්සිලයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය
මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සහ පුළුල් මහජන සහභාගීත්වයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම අරමුණු කරගත් 'රටම එකට ජාතික මෙහෙයුම' නම් හදිසි කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මෙහෙයුම් කවුන්සිලයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අදාළ යෝජනාවට මෙම අනුමැතිය හිමි වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙරට තුළ විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ජාතික උපද්‍රවයක් බවට පත්ව තිබෙන අතර, මෙම විෂ මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍ර කරගෙන බොහෝ අපරාධ ක්‍රියාකාරකම් සිදුවන බව ද රජය නිරීක්ෂණය කර ඇත. මෙම තත්ත්වය ජාතික ආරක්ෂාවට සහ සමාජ ස්ථාවරත්වයට තර්ජනයක් වී ඇති බව රජය අවධාරණය කරයි.
මෙම ජාතික මෙහෙයුම් කවුන්සිලය මගින් මහජන සහභාගීත්වය තහවුරු කරමින් මත්ද්‍රව්‍ය ජාල බිඳහෙලීම, ආසාදිතයන් පුනරුත්ථාපනය සහ වැළැක්වීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය රටේ සියලුම ප්‍රජාවන් එක්සත් කරමින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික උත්සාහයක් බවට පත්වනු ඇත.