රුසියානු හමුදා ගුවන් යානයක් කඩා වැටෙයි - 29 දෙනෙක් මරුට

Report

රුසියානු හමුදා ගුවන් යානයක් An-26 ක්‍රිමියානු අර්ධද්වීපයට ඉහළින් වූ ප්‍රදේශයේ දී වර්ගයේ කඩා වැටී පුද්ගලයින් 29 දෙනෙකුට දිවි අහිමි වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යානයේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙන බවයි.

මියගිය පිරිස අතර ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් හයදෙනෙකු ද ඇතුළත් වේ .

ඊයේ (31) දිනයේ දී මොස්කව් වේලාවෙන් සවස 6ට පමණ මෙම අනතුර සිදුව ඇත.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් මේ බව තහවුරු කර තිබේ .

ඔත්තේ, ඉරට්ටේ සියලුම දෙනාට අද ඉන්ධන නිකුත් කරයි

ඔත්තේ, ඉරට්ටේ සියලුම දෙනාට අද ඉන්ධන නිකුත් කරයි