වරෙන්තු රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු කොටු

Report

කොළඹ මහනුවර මාර්ගයේදී වරෙන්තු රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඒ ඊයේ (31) රාත්‍රී සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත් අඩංගුවට ගන්නා ලදි.

 සැකකරු වයස අවුරුදු 28ක් වන තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

පොලිසිය සදහන් කළේ සැකකරු සම්බන්ධයෙන් සිදුකල වැඩිදුර විමර්ශනයේදී 2026.01.07 වනදා මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමක් සම්බන්ධව රැඳවුම් නියෝග මත තංගල්ල පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා සිටියදී සිරමැදිරියෙන් පැන ගිය සැකකරු බවට අනාවරණය වි ඇති බවයි.

සැකකරුට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු 07 ක් සඳහා වරෙන්තු නිකුත්ව ඇති බවත්, මොහු තංගල්ල පොලිස් වසමේ දේපළ සොරකම් රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බවටත් අනාවරණය වී ඇත

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි .