ඉදිරි විභාග ගැන විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ 2026 වසරේ සාමාන්‍ය පෙළ විභාගයන් වෙන්කරන ලද නියමිත දිනවලදීම පැවැත්වීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල්, ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සදහන් කර තිබේ.
ඇය මේ බව සදහන් කළේ ඊයේ (31) නිකුත් කළ උසස් පෙළ විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
තවද පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී 2026 වසරේ විභාගයන් පැවැත්වෙන දින දැනුම් දුන් බවත් ඒ අනුව සිසුන් අදාළ දිනයන්ට අනුව සිය අධ්‍යයන කටයුතු සිදුකරන ලෙසත් එතුමිය සදහන් කරයි .
යම් යම් හේතූන් මත විභාග පැවැත්වෙන කාලසීමාවන් වෙනස් වීම හේතුවෙන් පසුගිය කාලය පුරාම දරුවන් දැඩි අසීරුතාවයට පත්වූ බවත් ඒ නිසාවෙන් මේ වසරේ දැනුම්දෙන ලද දිනයන්හිදීම විභාග පැවැත්වීමට අපේක්ෂා කරන බවත් ඉන්දිකා කුමාරි මහත්මිය තව දුරටත් ප්‍රකාශ කර තිබේ.
ඒ වගේම 2025 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අප්‍රේල් 22 – 30 දක්වා පැවැත්වෙන බවත් මේ වනවිට පළමු අදියරේ ඇගයීම් කටයුතු අවසන් කර ඇති අතර, අද (01) දිනයේ සිට දෙවැනි වටයේ ඇගයීම් කටයුතු ආරම්භ කරන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය සදහන් කර ඇත.
ඒ වගේම ඇය වැඩි දුරටත් ස අප්‍රේල් මස 30 වන දින සිට තුන්වන අදියරේ ඇගයීම් කටයුතු සිදුකරනු ලබන බවයි. ඒ අනුව 2026 වසරේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 9 වන දිනත්, උසස් පෙළ අගෝස්තු 10 වන දිනත් සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 8 වන දිනත් පැවැත්වීමට නියමිතය.