කජ්ජාගේ පුතා පොලිස් භාරයට

Report

ඊයේ (13) දින ඝාතනයට ලක් වූ ‘කජ්ජා’ යන අන්වර්ථ නාමයෙන් ප්‍රකට විධානගමගේ අරුණ ප්‍රියන්ත කුමාරගේ වැඩිමල් පුත්‍රයා කොළඹ පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ භාරයට පත් විය.

දරුවාගේ මව එනම මියගිය කජ්ජාගේ බිරිද විසින් තම දරුවා අනාරක්ෂිත තත්ත්වයක පසුවන බවට කල පැමිණිල්ලකට අනුව මෙම ක්‍රියාව සිදු කර ඇත.

ඒ ගෙදර මගේ නෙමෙයි - ගෝඨාභයගෙන් සටහනක්

ඒ ගෙදර මගේ නෙමෙයි - ගෝඨාභයගෙන් සටහනක්

මීට පෙර, එම දහසය හැවිරිදි පුත්‍රයාට කොළඹ පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ අතර, ඒ අනුව ඔහු ඊයේ දින සිය සීයා සමඟ එම කාර්යාංශයට පැමිණ තිබේ.

ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු, කාර්යාංශය විසින් දරුවා භාරයට ගෙන ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා, දරුවා නුගේගොඩ ළමා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම විමර්ශනය පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායමක සහභාගීත්වයෙන් සිදු කෙරේ.

පාසල් වැසේ ළමුන් 6000ක් ලෙඩ වෙයි

පාසල් වැසේ ළමුන් 6000ක් ලෙඩ වෙයි