හොරෙන් ගෙනාපු සුපිරි වාහන 200න් 180කට සිදු වූ දේ..
රුපියල් කෝටි 500 කට අධික බදු මුදලක් රජයට අහිමි කරමින් හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී වාහන 200 ක් අතරින් මේ වන විට රජයට භාරදී ඇත්තේ වාහන 20 ක් පමණක් බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා තිබෙනවා.
රජයට පාඩු කරමින් ආනයනය කළ සුඛෝපභෝගී වාහන අත්පත්කර ගැනීමෙන් නොනැවතී එම අපරාධයට සම්බන්ධ වූ සියලු සැකකරුවන් තරාතිරම නොබලා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අල්ලස් කොමිසමට නියෝග කර ඇත්තේ.
2015 වසරින් පසුව ශ්‍රී ලංකා රේගුවට හොර රහසේ ආනයනය කළ ප්‍රාඩෝ, ලෑන්ඩ් කෲෂර්, වී 8, රේන්ජ් රෝවර් ඇතුළු සුඛෝපභෝගී වාහන 200 ක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් 2005 වසරට පෙර ආනයනය කළ සාමාන්‍ය රථවාහන ලෙස ලියාපදිංචි කර ඇතැයි අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියි.