රජයෙන් වාහනයක්.. ලැබෙන පිරිස ගැන ඇමති විජිත කියයි.. වාහන මිලත් අඩු වෙයි?.

Report

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම වාහනයක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන බවයි.

ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ (20) රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ය.

අස්වැසුම ලබන මෙන්ම නොලැබෙන අයට.. රජයෙන් ලැබුණ සුබ ආරංචිය මෙන්න..

අස්වැසුම ලබන මෙන්ම නොලැබෙන අයට.. රජයෙන් ලැබුණ සුබ ආරංචිය මෙන්න..

නව රජයේ මංගල අයවැයෙන්, රාජ්‍ය සේවයේ දැවැන්ත පඩි වැඩි වීමක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

නව රජයේ මංගල අයවැයෙන්, රාජ්‍ය සේවයේ දැවැන්ත පඩි වැඩි වීමක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

ඒ අනුව, ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කිරිමට වාහනයක් රජයෙන් ලබාදෙන බව ඒ මහතා පැවසීය.

එලෙස ලබාදෙන වාහනය භාවිතා කරන ක්‍රමවේදය වෙනස් කරන බව ඔහු සදහන් කළේ ය.

ඒ අනුව වසර 5තුළ වාහනය භාවිතා කර ලබාදිය යුතු බව නැතහොත් ක්ෂය වීම මත රජයට වාහනයේ වටිනාකම ගෙවා තමන් සතු කර ගැනීමට හැකි බව අමාත්‍යවරයා කියා සිටියේ ය.

එමෙන්ම, මින් ඉදිරියට කිසිදු මන්ත්‍රීවරයෙකුට වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා නොදෙන බව ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කළේ පසුගිය කාලයේ නවතා තිබූ වාහන ආනයනය පෙබරවාරි පලමු වෙනිදා සිට නැවත ක්‍රියාත්මක බවයි.

ඒ අධියර තුනකින් ආණ්ඩුව ගත් ප්‍රතිපත්තිය මතයි.

මංගල අයවැයෙන්, ගුරු වැටුපට මොකද වෙන්නේ?. සේවාවන් 5ක වැටුප් ගැන කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..

මංගල අයවැයෙන්, ගුරු වැටුපට මොකද වෙන්නේ?. සේවාවන් 5ක වැටුප් ගැන කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..

එමෙන්ම, වාහන ආනයනයේ දී බදු අනුපාතයේ ඉහළ නැංවීමක් ඇති බව සදහන් කළ ඒ මහතා වාහන ආනයනය කරන විට වෙළඳපොලෙහි තරගකාරිත්වය මත සමහර වාහන වල මිල අඩු විය හැකි බව ද සදහන් කළේ ය.

You May Like This Video👇