රාජ්‍ය ආයතන 65කට ජනපති ප්‍රධානත්වයෙන් සම්මාන..

Ranil Wickremesinghe Sri Lanka Politician Government Employee Government Of Sri Lanka Sri Lanka Government
By Aruna Jul 18, 2023 02:44 AM GMT
Aruna

Aruna

Report

ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන 65ක් සඳහා සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයක් අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවලට අනුව 2019 සහ 2020 වර්ෂවල ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකරගත් ආයතන සඳහා රන් සහ රිදී සම්මාන පිරිනැමීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

එම සම්මාන ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත් වේ.

රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රජයේ විශේෂිත වියදම් ඒකක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පළාත් සභා අරමුදල්, පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, විශේෂිත වියදම් ඒකක, පළාත් සභා ව්‍යවස්ථාපිත ආයතන, මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන අංශ යටතේ මෙම සම්මාන පිරිනැමීම සිදු කිරීමට නියමිතයි.

ReeCha