අද සිට රාජ්‍ය සේවයට වෙන දේ මෙන්න.
දින 41කට පසු අද අලුයම 4ට දිවයිනට ම පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කෙරුණා.
කෙසේ වෙතත්, යළි අද රාත්‍රී 10 සිට හෙට අලුයම 4 වනතුරු අත්‍යවශ්‍ය නො වන කාරණා සඳහා නිවෙස්වලින් බැහැර ව යාමට හැකියාවක් නැහැ.
එලෙස පැනවෙන නිරෝධායන ඇදිරි නීතිය අද සිට සෑම දිනක ම ඒ ආකාරයට ම ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ.
එසේම අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් හැර අනෙකුත් අවශ්‍යතා සඳහා පළාත් අතර සංචරණ කටයුතු සිදු කිරීමට ද අද සිට හැකියාවක් නැහැ. ඊට අමතර ව ජනතාව සහ ආයතන අද සිට ක්‍රියා කළ යුතු ආකාරය දැක්වෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ද ඊයේ නිකුත් කෙරුණා.
එමෙන්ම, අද සිට රාජ්‍ය සේවය ද සක්‍රිය වනවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සදහන් කළේ රට විවෘත කරන අද දවසේ සිට උපරිම ජනතා සහයෝගයක් අපේක්ෂා කරන බවයි.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පොදු ප්‍රවාහන කටයුතු සිදු කෙරෙන අතර පළාත් අතර පොදු ප්‍රවාහනය තවදුරටත් ක්‍රියාත්මක වන්නේ නැහැ.
එසේම සති දෙකක් යනතුරු දුම්රිය ධාවනය නො වන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ.
අද අලුයම 4ට මෙතෙක් පනවා තිබූ නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව ජනතාව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් අප සොයා බැලීමක් කළා.
අප වාර්තාකරුවන් සදහන් කළේ නිරෝධායන ඇදිරි නීතිය අද අලුයම 4ට ඉවත් කිරීමත් සමඟ ජනතාව සම සාමාන්‍යකරණය යටතේ රාජකාරී සදහා යාමට නගර වෙත ප්‍රවේශ වන ආකාරයක් දක්නට ලැබෙන බවයි.
ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සදහා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යොදවා ඇති ආකාරයක් ද දක්නට ලැබුණු බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සදහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
