රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය මෙන්න..

Parliament of Sri Lanka Sri Lanka Politician Government Employee Sri Lanka Cabinet Government Of Sri Lanka
By Aruna May 28, 2024 04:38 AM GMT
Aruna

Aruna

Report

රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) රැස් වූ කැබිනට් මණ්ඩලයේ දී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇත්තේ, මේ වන විට රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර රැසක නිලධාරීන් වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බැවින් ඊට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවයි.

බැංකු පොලී අනුපාතය වෙනස්වීම ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්..

බැංකු පොලී අනුපාතය වෙනස්වීම ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්..


ඒ අනුව, එක් එක් ක්ෂේත්‍රවල පවතින වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යයනය කර ඊට ලබාදිය යුතු විසඳුම් නිර්දේශ කිරීම සඳහා කමිටුවක් පත්කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර ඇති අතර, එම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත උපදෙස් ලබාදී ඇත්තේ, අමාත්‍යංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් සැඳුම්ලත් අදාළ කමිටුව කඩිනමින් පත්කරන ලෙසයි.

මේ අතර, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ තාක්ෂණ සිසුන්ට ජනපති අරමුදලෙන් ශිෂ්‍යත්ව ප්‍රධානයට අදාළ අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, 2024 -2025 වර්ෂ සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය ජුනි මස 07 වන දින දක්වා දීර්ඝ කර ඇති බවයි.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..


මෙම ශිෂ්‍යත්ව වැඩසටහනේ අයදුම්පත් භාර ගැනීම මැයි මස 22වන දින අවසන් වීමට නියමිතව තිබුණ ද පසුගිය දිනවල පැවති විවිධ පරිපාලන ගැටලු සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ සිසුන් විශාල සංඛ්‍යාවකගේ ඉල්ලීම මත මෙම දීර්ඝ කිරීම සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%