කොළඹ යටවූ හදිසි ගංවතුරට කඩිනම් විසඳුම් - නගරාධිපතිනි ව්‍රේ කැලි බල්තසාර්ගේ ප්‍රධානත්වයෙන් හදිසි රැස්වීමක්

Report

සිකුරාදා සවස ඇදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් කොළඹ නගරයේ ඇති වූ ගංවතුර තත්ත්වයට කඩිනම් විසඳුම් සෙවීම සඳහා විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙමින් තිබේ.

කොළඹ නගරාධිපතිනි ව්‍රේ කැලි බල්තසාර් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට ප්‍රධාන රාජ්‍ය ආයතන රැසක නියෝජිතයෝ සහභාගී වෙති.

මෙහිදී නගරයේ ජලාපවහන පද්ධතිය වැඩිදියුණු කිරීම, කොළඹ ඇළ මාර්ග ජාලයේ පවතින ගැටලු විසඳීම සහ මාර්ග යටිතල පහසුකම් සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතය.

කොළඹ නගරයේ ජලාපවහන පද්ධතිය සැලසුම් කර ඇත්තේ මිලිමීටර් 30ක පමණ වර්ෂාපතනයක් දරාගැනීමට බව නගරාධිපතිනිය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

එහෙත් පසුගිය සිකුරාදා පැය කිහිපයක් ඇතුළත කොළඹ නගරයට මිලිමීටර් 129ක වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් පුළුල් ගංවතුර තත්ත්වයක් ඇති වූ අතර, එය නගරයේ දෛනික කටයුතුවලට ද දැඩි බාධා එල්ල කළේය.

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්- පස්වරු 4.00ට නිකුත් කළ අලුත්ම වාර්තාව මෙන්න

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්- පස්වරු 4.00ට නිකුත් කළ අලුත්ම වාර්තාව මෙන්න

පළාත් 4ක පාසල්වලට සඳුදා විශේෂ නිවාඩුවක් -නිවාඩු වෙනුවට සෙනසුරාදා පාසල් පැවැත්වේ

පළාත් 4ක පාසල්වලට සඳුදා විශේෂ නිවාඩුවක් -නිවාඩු වෙනුවට සෙනසුරාදා පාසල් පැවැත්වේ