භාණ්ඩ හා සේවා රැසක මිලට වන දේ..

Sri Lanka Economic Crisis Sri Lanka Government Of Sri Lanka Economy of Sri Lanka
By krishani Oct 01, 2022 01:28 AM GMT
krishani

krishani

Report

අද (01) සිට ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් රුපියල් බිලියන 140 ක අමතර ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බව රජය පවසයි.

ඒ සම්බන්ධයෙන් ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම නව බදු පැනවීමත් සමඟ භාණ්ඩ හා සේවා මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවත් රජයට ආදායම් ඉපැයීම සඳහා පනවන මෙවැනි බදු යොදා ගත යුත්තේ තාවකාලිකව බවත් ය.

කොරෝනා වසංගතයෙන් කඩා වැටුණු ආර්ථිකය යථාවත් කිරීම සඳහා මෙම සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වා දෙනු ලැබුවේ 2022 අයවැය මගින් වන අතර එය ක්‍රියාත්මක කිරීම අද සිට ආරම්භ කෙරෙයි.

ඒ යටතේ රුපියල් මිලියන 120 ට වැඩි වාර්ෂික පිරිවැටුම මත සියයට 2.5 ක බද්දක් අයකෙරෙනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join