75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ඉන්දීය රජයෙන් ලංකාවට දුන් පරිත්‍යාගය.

Report

මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීමට ඉන්දීය රජය ලබාදුන් බස් රථ 50 ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ විසින් ඊට අදාළ ලේඛන ජනාධිපති කාර්යාලයේ දි භාරදෙනු ලැබීය.

75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව මෙම බස් රථ ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

එහි පළමු බස් රථ 75 පසුගියදා ඉන්දීය රජය විසින් මෙරටට භාරදෙනු ලැබු අතර එම වැඩසටහන යටතේ බස් රථ 500 ක් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join