හිඟ ඖෂධ ගැන රජයේ තීරණය

Report

සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත්තේ ඖෂධ සැපයුම් ජාලයේ පවතින ගැටලු‍ නිසා ඖෂධ සැපයීමේදී ඇති වන බාධා අවම වන තෙක් හිඟ ඖෂධ ලබා ගැනීම සඳහා විදේශ රජයන්ගේ ඍජුවම සහාය ලබා ගැනීමටයි.

ඒ අනුව, මෙම වැඩසටහන යටතේ අදාළ මූලික කටයුතු සම්පූර්ණ කර මෙරට පුරවැසියන්ට අවශ්‍ය ඖෂධ වෛද්‍ය උපාංග සහ ඒ ආශ්‍රිත සේවාවන් අඛණ්ඩව සැපයීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.

අදාළ කමිටුව හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේදී සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එහිදී රජයන් අතර සහයෝගීතාවයෙන් මෙරටට ඖෂධ ලබා ගැනීමේ ඇති හැකියාව පිළිබද අවධානය යොමු කර තිබුණා.

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

අනුදි වෙනුවෙන් හදිසි නිවේදනයක්.... කාගේත් අවදානෙට

අනුදි වෙනුවෙන් හදිසි නිවේදනයක්.... කාගේත් අවදානෙට