ජනපති අද 10.30ට කරන්න යන දේ..ලබන මාසයේ මුල් සති 02 තුළ වෙන දේත් මෙන්න.

Sri Lanka Gotabaya Rajapakshe Chemical Janaka wakkubura
By Aruna Nov 22, 2021 02:04 AM GMT
Aruna

Aruna

Report

පොහොර අර්බුදය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා.

අද පෙරවරු 10 යි 30 ට පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීන් මෙන්ම තවත් පාර්ශව රැසක නියෝජිතයින් සහභාගීවීමට නියමිතයි.

රසායනික පොහොර ආනයනය කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට එම සාකච්ඡාව පැවැත්වෙන බවයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පැවසුවේ.

වල් නාශක, කෘමි නාශක සහ දිලීර නාශක නැවත ආනයනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමට මෙම සාකච්ඡාව පැවැත්වෙන බවද ඔහු සඳහන් කළා.

පොහොර අර්බුදය විසඳීම සඳහා රසායනික පොහොර ගෙන්වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් දා අනුරාධපුරයේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කර තිබුණා.

මේ අතර ප්‍රමාණවත් එළවළු තොග නොලැබීම හේතුවෙන් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය ඊයේ සිට වසා දැමුණා.

වගාවන්ට අවශ්‍ය පොහොර ලබා නොදීම හේතුවෙන් නුවරඑළිය එළවළු ගොවීන් සිය එළවළු තොග නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි සමස්ථ ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පැවසුවේ.

පවතින තත්ත්වය හමුවේ ආර්ථික මධ්‍යස්ථාන රැසකට එළවළු තොග ලැබීම ද සීග්‍ර ලෙස අඩුවී තිබෙනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පැවසුවේ වසර අවසාන මාස දෙකේදී එළවලු මිල ඉහළ යාම සාමාන්‍ය සිදුවීමක් බවයි.

කෙසේවෙතත් නුවරඑළියේ එළවලු ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර එම ප්‍රදේශයේ වෙළඳසැල් වෙත ලබාදී ඇති බවයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

මේ අතර ලබන මාසයේ මුල් සති දෙක තුළ පොහොර අර්බුදය විසදෙනු ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now