පාස්කු ප්‍රහාරයේ මහමොලකරු ගෝඨා...??? පාස්කු පර්යේෂණවලට බාධා කළා...
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාලව ඔහු විසින් සිදු කරමින් පැවති පර්යේෂණයකට ගෝඨාභය රාජපක්ෂ පාලන තන්ත්‍රය බාධා කළ ආකාරය, ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අසංක අබේග-ුණවර්ධන මහතා හෙළි කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින්, අදාල බාධා කිරීම සිද වූ ආකාරය පැහැදිලි කර තිබෙන අසංග අබේගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
අසංක අබේගුණසේකර මහතා පවසන ආකාරයට, ත්‍රස්ත ප්‍රහාරයට පසුව, ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනනයේ අධ්‍යක්ෂකවරයා ලෙස, ඔහු එකී ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පර්යේෂණ ක්‍රියාවලියක නිරතව සිට ඇත.
ඒ අතර බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ, වෙනත් තනත-රක් යෝජනා කරමින් අසංග අබේග-ුණසේකර, ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයෙන් ඉවත් කර තිබේ.
ඔහුට ලබා දීමට යෝජනා කර තිබූ නව තනතු-ර, බර්ලිනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සම්බන්ධ එකකි. නමුත් එකී තනතුරට ඔහු පත් කිරීම සිදු වී නැත. ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ධූරයෙන් තමන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අසංක අබේගුණසේකර, 2024 වසරේ දී ගෝඨාභයගෙන් විමසා තිබෙන අතර, එහිදී ගෝඨාභය පවසා ඇත්තේ, එය තමන්ගේ මැදිහත් වීමෙන් සිදු වූවක් නොව, සිය උපදේශකයන්ගේ තීරණයක් බවයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විටත්, ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ලෙස කටයුත-ු කර සිට ඇත්තේ අසංක අබේගුණසේකරයි.
ඔහු පවසන ආකාරයට, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ 2029 අප්‍රේල් මාසයට පෙර, 2019 ජනවාරි මාසයේ දී ඔහු “ඉහළ සම්භාවිතාවක් සහිත තර්ජන පුරෝකථනයක්” සම්බන්ධයෙන් තොරතුරු අදාල පාර්ශ්වයන් වෙත අනාවරණය කළ බවයි.
වනාතවිල්ලුව ලැක්ටෝ වත්තෙන් සී.ෆෝ වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිබුණේ 2019 වසරේ ජනවාරි මාසයේ 16 හෝ ඊට ආසන්න දිනයක දී ය. මෙම සියලු වාර්තා, සිය අත්සනින් යුතුව, ජනාධිපතිවරයා වෙත යොමු කළ බව අසංක අබේගුණසේකර පවසයි.
එමෙන්ම, එම වාර්තා, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පළමු වෙළුම තු-ළ තිබෙන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.
