"නිරුවත් වීඩියෝ, ඡායාරූප අම්මටත් යවලා.." - පෙම්වතියට මත්වතුර පොවා දූෂණය කර ඡායාරූප ගත් පෙම්වතා..

Police Gossips Okkampitiya
By Aruna Dec 01, 2021 08:56 AM GMT
Aruna

Aruna

Report

ඔක්කම්පිටිය පොලිස් වසමේ ගල්ටැම්මණ්ඩිය ප්‍රදේශයේ පදිංචි විසි හැවිරිදි තරුණියක් ඇයගේ පෙම්වතා විසින් බුත්තල ප්‍රදේශයේ ලැගුම්හලකට රැගෙන ගොස් මත්දියර පොවා දූෂණය කොට ඇයගේ නිරුවත් ඡායාරූප ලබාගෙන වීඩියෝ කොට, අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කළ තරුණයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

2021 මාර්තු මාසයේ 16 වැනි දින ඇයගේ පෙම්වතා බුත්තල නිවාඩු නිකේතනයකට කැඳවාගෙන ගොස් කාමරයක නතර වී මත්පැන් දියර වර්ගයක් බීමට සලස්වා ඇයව දූෂණය කරන අයුරු වීඩියෝ ගතකර ඡායාරූපද ලබාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එම දර්ශන ඇයගේ ජංගම දුරකථනයට යවා සියලු ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව පවසමින් අවස්ථා කිහිපයකදී මුදල් ලබාගෙන ඇති බවත් සඳහන්.

පසුව එම දර්ශන ඇයගේ මවගේ ජංගම දුරකථනයට එවා තිබෙනවා.

මේ පිළිබඳව අතවරයට ලක්වූ තරුණිය කොළඹ ළමා සහ කාන්තා කාර්යාංශයට දැනුම්දීමෙන් පසුව ඔක්කම්පිටිය, බුත්තල සහ කුඩාඔය පොලිස් ස්ථානවලට දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now