ගණිකාවන් අතර සිටි ජනප්‍රිය නිළියන් දෙදෙනා, පොලිසිය හමුවේ හැඬු කඳුළින් කියූ කතාව

Actress Gossip
By Sithumi Jun 03, 2021 03:05 PM GMT
Sithumi

Sithumi

Report
111 Shares

ඉන්දියාව තුළ පමණ ලක්ෂ 30කට ආසන්න කාන්තාවන් ගණිකා වෘත්තිය සිය ජීවිකාව කරගෙන තිබෙනවා.

මොවුන් මුම්බායි වැනි ප්‍රදේශ තුළයි වැඩි වශයෙන්ම සිටින්නේ. කෙසේ වෙතත් ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බවටත්, අදාළ සේවාව ලබා ගැනීමට පැමිණෙන අයව අත්අඩංගුවට නොගත යුතු බවටත් ඇතැම් පිරිස් බොහෝ කාලයක සිට රජයෙන් සිදු කරන ඉල්ලීමක් බව ඉන්දිය මාධ්‍ය වාර්තා පවසනවා.

විශේෂයෙන්ම ඉහළ ආදායමක් ලබා ගැනීමෙන් අරමුණිනු අදාළ වෘත්තියට විශාල තරුණියන් ප්‍රමාණයක් යොමු වන බවයි ඉන්දිය පොලිසිය අවධාරණය කරන්නේ. මේ අතර පසුගිය දිනක නිවාඩු නිකේතනයක් තුළ සිදු කරගෙන ගිය ගණිකා ජාවාරමක් වැටලීමට මුම්බායි පොලිසිය සමත්ව තිබුණා.

එහිදී පොලිසි විසින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබු අතර ඉන් දෙනෙකු චිත්‍රපටි නිළියන් බවයි වාර්තා වන්නේ. එම නිළියන් චිත්‍රපටි කිහිපයක් තුළින් ජනප්‍රියත්වයට පත්ව තිබුණ ද වර්තමානයේදී රඟපෑමට අවස්ථා නොමැති නිසා මෙම වෘත්තියට පිවිස ඇති බව සඳහන්. ඔවුන් දකුණු ඉන්දියානු නිළියන් වුවත් දමිළ චිත්‍රපටිවලට රංගනයෙන් දායක නොවීමත් විශේෂත්වයක්.

තමන්ට ඇති වූ මුදල් අවශ්‍යතා මත මෙම තීරණය ගත් බවයි පොලිසියේදී ඔවුන් හැඬු කඳුළින් පවසා ඇත්තේ. පොලිසිය අදාළ පිරිසට එරෙහිව නඩු ගොනු කර ඇති අතර නිළියන් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කර නැහැ.

ReeCha