හැමදාම උදේට මෙහෙම කළොත් ලැබෙන ප්‍රතිඵලත් හිතාගන්න බැරි වෙයි

EXERCISE PLAN HEALTHY BREAKFAST GOOD HABITS
By Sewvandhi Oct 28, 2021 12:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දැන් අපි හැමෝම කොරෝනා නිසා ගෙදරට වෙලානේ ඉන්නේ.සමහර අය අනම් ඉන්නේ ගොඅදක් කම්මැලි කමේ කරන්න කිසිම දෙයක් නැතුව .ඇයි ඉතින් Office යන්න නැහැ, school යන්න නැහැ .ඒ නිසා රෑට නිදාගෙන නැගිටින්නේ උදේ නෙමෙයි හොඳටම දවල් වෙලා.හැබැයි ජිවිතේ සාර්ථක කරගන්න උත්සහ කරන කිසිම කෙනෙක් ඒ විදිහට දවල් වෙනකන් නිදාගන්නේ නැහැ.එයාල පුළුවන් තරම් උදෙන් නැගිටලා තමන්ගේ වැඩ ආරම්භ කරනවා.

හැමදාම උදේට මෙහෙම කළොත් ලැබෙන ප්‍රතිඵලත් හිතාගන්න බැරි වෙයි | Good Habits For Morning

උදෙන්ම ව්‍යායාම කරන්න

උදෙන්ම නැගිටලා ව්‍යායාම කරනකොට දවස පුරාම හොඳ ශක්තියක් ලබා ගන්න පුලුවන්.ඒ වගේම මුළු දවසම ප්‍රබෝධමත්ව ගත කරන්නත් පුළුවන්.වෙනදා වගේ ඈලි මෑලි ගතියෙන් වැඩ කරන එක ඔයාට වගේම බලාගෙන ඉන්න අයටත් එපා වෙනවා.ඒ වගේම target cover කරගන්න බැරි වෙනවා.ඒ නිසා හෙට ඉදන් උදෙන්ම නැගිටලා විනාඩි 15ක් ව්‍යායාම කරන්න පුරුදු වෙන්න .

දවස සැලසුම් කරන්න

අපි කවදාවත් හෙට තියෙන වැඩ ගැන හිතන්නේ නැහැ. දැන් මේ නිවාඩුව ඉවර වුණාට පස්සේ office යන කාලය ආවම මේක අනිවාර්යයෙන් අනුගමනය කරන්න.දවස plan කරන්න හොඳම කාලය තමයි උදේ කියන්නේ.ඒ වගේම ගැටළු තියෙනවා නම් ඒවා විසඳගන්න හොඳම කාලය තමයි උදේ .මොකද උදේ කියන්නේ හරිම නිස්කලංක වෙලාවක් .ඉතින් මේ දේවල් කරන අතරතුර විනාඩි 10ක් අරගෙන භාවනාවක් කරන්න.එතකොට හිතත් සැහැල්ලු වෙනවා

හැමදාම උදේට මෙහෙම කළොත් ලැබෙන ප්‍රතිඵලත් හිතාගන්න බැරි වෙයි | Good Habits For Morning

සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාර වේලක් ගන්න

අපිට ගොඩක් වෙලාවට උදේ කෑම එක ගන්න වෙන්නේ නැහැ.සමහරවිට අමතක වෙනවා.එහෙමත් නැත්නම් වැඩ වැඩි නිසා වෙලාවක් නැහැ.හැබැයි ඒක නම් හොඳ වැඩක් නෙමෙයි.මොන වැඩේ තිබුනත් අනිවාර්යයෙන්ම උදේ ආහාර වේල ගන්න අමතක කරන්න එපා.ඔයාට වෙලාවක් නැහැ කියලා හිතෙනවා නම් විනාඩි 15කට විතර කළින් නැගිටලා උදේ කෑම අරගෙන වැඩ පටන් ගන්න.එහෙම නැත්නම් වෙන්නේ ඔයාගේ හිත වැඩ වලට යොදවනවා වෙනුවට බඩගින්න ගැන හිතන්න පෙළඹීමයි

එපා වුණ වැඩ මුලින්ම කරන්න

හැමෝම පුරුදු වෙලා ඉන්නේ අකමැති වැඩ අන්තිමට කරන්න.එහෙම කරනකොට වෙන්නේ අකැමති වැඩේ හැමදාම පස්සට යන එක.එහෙම කලත් අන්තිමට කොච්චර කාලයක් ගියත් අපිට ඒක කරන්න වෙනවා.අන්තිමට එපා වෙලා අකැමති දේ කරන එක ලොකු බරක් වෙනවා.ඒ හින්දා දවසේ වැඩ ආරම්භ කරනකොට මුලින්ම වැඩි කැමැත්තක් නොදක්වන දේ කරන්න. මොකද උදේ පාන්දර හොඳ මානසික සහ කායික ශක්තියක් තියෙන නිසා අමාරු දේවල්වලට හොඳින් මූණ දීමට හැකියාවක් තිබෙනවා. හෙට ඉදලවත් දවල් වෙනකන් නිසාග්න්නේ නැතුව උදේම නැගිටලා ව්‍යායාම කරලා දවස පටන් ගන්න පුරුදු වෙන්න.

හැමදාම උදේට මෙහෙම කළොත් ලැබෙන ප්‍රතිඵලත් හිතාගන්න බැරි වෙයි | Good Habits For Morning


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.