ප්‍රධාන වෙඩි තැබීමේ සිද්ධියකින් එළියට ආ ඇග කිළි පොලා යන කතාව...
ගෝනපීනුවල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 27 වනදා පාපැදියක් සහ යතුරුපැදියක් අනතුරකට ලක් වීමෙන් පසුව පැදිකරුවන් පළා යාම වැළැක්වීමට ප්‍රදේශවාසීන් උත්සහ ගත් අවස්ථාවේ පැදිකරුවෙකු විසින් ටී.56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමක් සිදු කර තිබුණි.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සිදුකළ විමර්ශනයකට අනුව එම සිදුවීමට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී ටී.56 ගිනි අවියක් හා එම පතොරම් 45ක්, ටී 56 මැගසිනයක් සහ වාහන අංක තහඩු 02ක් ද පොලීසිය භාරයට ගෙන ඇත.
මෙහිදි අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු 31 හැවිරිදි පියදිගම ගිංතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අනෙක් සැකකරු 29 හැවිරිදි වෙරගොඩ, මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුවන් බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න