ශ්‍රී ලංකාවේ රත්‍රන් මිල ගැන අනතුරු ඇඟවීමක්...විවාහ වෙන්න ඉන්න අයට රතු එළියක්.

Sri Lanka Business World market Gold price
By Aruna Nov 20, 2021 01:48 AM GMT
Aruna

Aruna

Report

ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිලෙහි බලපෑම මෙරට වෙළදපොළටද බලපෑම් කරණු ඇතැයි රත්‍රන් කර්මාන්තයේ ප්‍රවීණයින් අනතුරු අගවනවා.

ලෝක වෙළදපොලේ රත්‍රන් මිල මේ වනවිට සීග්‍රයෙන් ඉහළයමින් පවතිනවා.

ඊට සාපේක්‍ෂව මෙරට වෙළදපොලේද රත්‍රන් මිලද තීරණය වන බවයි මෙරට රත්‍රන් කර්මාන්තයේ නියුතු ප්‍රධාන ආයතන පවසන්නේ.

මේ වනවිට මෙරට වෙළෙඳපොළේ රත්‍රන් මිල දැක්වෙන්නේ කැරට් 22 පවුමක් සඳහා රුපියල් එක් ලක්‍ෂ 8,000ක් ලෙසයි. කැරට් 24ක පවුමක මිල රුපියල් එක් ලක්‍ෂ 18,000ක් ලෙස අද වනවිට සටහන් වනවා.

ලෝක වෙළදපොලේ රත්‍රන් අවුන්සයක මිල අද වනවිට සදහන් වූයේ ඩොලර් 1,862 යි දශම 5 යි 6 ක් ලෙසයි. එය ඉකුත් මාසයට සාපේක්‍ෂව සැසදීමේදී සියයට 4 යි දශම 1 යි 8 ක වර්ධනයක්.

විශේෂඥයින් පවසන්නේ ඉදිරියේදී රත්‍රන් අවුන්සයක මිල ඩොලර් 1,900 සීමාවද පසුකර යනු ඇති බවයි.

ඉහළයමින් පවතින උද්දමනය හේතුවෙන් රත්‍රන් සඳහා වැඩි ඉල්ලුමක් ඇතිවී තිබීම මෙම තත්ත්වයට හේතුවයි.

විශේෂයෙන් මෙම රත්‍රන් අධික ලෙස දිනෙන් දින ඉහළ යෑමෙන් විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින අයටද ප්‍රභල අභියෝගයක් වී ඇත්තේ තමන්ගේ රත්‍රන් භාණ්ඩ සකසා ගැනීමේදීයි.

ඒ අනුව ඔවුන්ටද මෙය ප්‍රභල අභියෝගයක් වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha